දුබල සිතට...
දුබල සිතට පුදුම ලෙසට සවිය දෙන්නෙ ඔබ තමා
සිතට දැනෙන මහා දුකට එකම පිහිට ඔබ තමා
සුදට දිලෙන පූපය තුළ වැඩ සිටිමින් රෑ දිවා
මා අමතන මා සමිඳුනි අයදිමි මම් පව් සමා
සත්ප්‍රසාදෙනී... මාගෙ ජේසුනී
මගේ සවිය ඔබයි දිව්‍ය සත්ප්‍රසදෙනී...
මගේ වැරදි මගේ පාප හොඳින් දන්නෙ ඔබ තමා
පවට වැටුනු මට සහනය ලබා දෙන්නෙ ඔබ තමා
ඔබ ඉදිරියෙ වැඳ වටෙමින් ආදරයෙන් හිස නමා
මගේ ජේසු සමිඳුනි මම් අයදිමි දැන් පව් කමා

No comments:
Post a Comment